ශ්‍රී ලංකාවේ පොහොර හිඟය සඳහා විසඳුම් ලබාදිමට පාකිස්තානයේ පොහොර මෙට්‍රික් ටොන් 41000ක් ලබාදීමට එරට අග්‍රාමාත්‍ය කඛාන් අබ්බාසි මහතා එකඟවි ඇත.
ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග දුරකතනයෙන් කළ සංවාදයකින් අනතුරුව මෙම පොහොර තොගය ලබාදීමට එකඟවූ බවයි.
එසේම ඉදිරියේදී ලංකාවට පොහොර මෙට්‍රික් ටොන් 75000ක් දක්වා අපනයනය කිරීමට බලාපොරොත්තුවන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.