ව්‍යසනකාරී කාලගුණික සංසිද්ධීන් හඳුනාගෙන නිවැරදි අනාවැකි ජනතාවට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීමට නියමිතය.
මේ සඳහා ජපන් යෙන් මිලියන 2503 (රුපියල් මිලියන 3422) ප්‍රදානයක් වශයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මගින් ලබාදීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත.
ඒ සඳහා හුවමාරු පත්‍ර අත්සන් කිරීමට හා ප්‍රදාන ආධාර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.