ශ්රී ලංකාවට පැමිණෙමින් සිට කත ගුවවනේදී මරුට
සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් සිටි විදේශීය කාන්තාවක් හදිසියේ හෘදයාබාධයක් වැලඳීමෙන් අද (02දා) පස්වරුවේ ගුවන් යානය තුළම මියගොස් ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ 61 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවකි. ඇය තම ස්වාමිපුරුෂයාද සමග සෞදි අරාබි ගුවන් සේවයේ එස්.වී. - 780 දරන යානයෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් සිටියේ, එහි සිට වෙනත් ගුවන් යානයකින් ඉන්දුනීසියාව බලා යෑමටය.
එහෙත් මෙම කාන්තාව අදාළ යානය කටුනායක ගුවන්තොටුපොළට ළඟාවීමට පෙර, හදිසියේ හෘදයාබාධයක් වැලඳීමෙන් එම ගුවන් යානය තුළම මියගොස් තිබුණි .
පසුව මෙම ගුවන් යානය අද (02දා) පස්වරු 3.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබිණි.
මේ වනවිට මෙම මෘත දේහය මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් අරඹා තිබේ .
මීට පෙරද පසුගිය 28 වැනිදා සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් තුළ සිට ඉන්දුනීසියානු ජාතිකයෙකු රෝගාබාධයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
