ශ්‍රී ලංකාව විසින් මෙතෙක් අත්සන් කොට නොමැති රොම සම්මුතියට අත්සන් කරන්නැයි (අපරානුමත කරන්න) එස්තෝනියාව හා ස්විට්සලන්තය සඳහන් කරයි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රි ලංකාව පිළිබඳව එම සංවිධානය විසින් සකස්කළ වාර්තාව පිළිබඳව ඊයේ පැවැති සාකච්ඡාවේදී ඔවුහු මෙම යොජනා ගෙන ආහ.
ශ්‍රී ලංකාව මෙතෙක් රෝම සම්මුතියට අත්සන් කර නොමැත.
රෝම සම්මුතියට අත්සන් කළ රටක් යුද අපරාධ හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩකර ඇත්නම් ඒවායේ වැරදිකරුවන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත පැමිණවීමේ අවස්ථාව හිමිවේ.
1998 වසරේදී රෝමයේදී මෙම ප්රඥප්තිය පිළිබඳ රාජත්‍රාන්තික සාකච්ඡා පැවැත්වූ අතර 2002 වසරේ ජූලි 1 දාට පටන් එය ක්‍රියාත්මක වෙයි.
එවටක ශ්‍රී ලංකාවේ ආණ්ඩුකළ වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්රඥප්තියට අත්සන් නොකළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබෙයි.
මේ වසරේ ජනවාරි වන විට එයට රටවල් 123ක් අත්සන් කොට (අපරානුමත කර) තිබේ.