ශ්‍රී ලංකාව නව ව්‍යවස්ථාවක් සකස්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් එහිදී මැතිවරණ ක්‍රමය ජර්මනියේ පවතින මැතිවරණ ආභාෂය ලබාගෙන සකස්කිරීමට කටයුතු කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය ෆ්රෑන්ක් වෝල්ටර් මහතා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
ජර්මන් මැතිවරණ ක්‍රමය කොට්ඨාස හා සමානුපාතික ක්රමයේ මිශ්රයකි (හයිබ්‍රිඩ්).