ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවේ යෙදුණ තමිල්නාඩු ටී.වී.කේ. පක්ෂයේ ආධාරකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය ඊයේ (21දා) කටයුතු කොට තිබේ. තමිල්නාඩුවේ සලීම් නගරයේදී මෙම විරෝධාතව පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා මෙම විරෝධතාව පවත්වි තිබේ. එසේම ඒ සඳහා ඉන්දීය පාර්ලිමේන්තුවේ සම්මත කරන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.
සලීම් නගරයේ ස්ථාන කිහිපයක මෙම විරෝධතාව පවත්වා තිබෙන අතර ඒ සඳහා සහභාගී වූ 812කු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.