රටට හා ශ්රී.ල.නි.පයට එක ලෙස ආදරය කරන්නේ නම් පළාත් පාලන මැතිවරණය ප්රකාශයට පත්කිරීමට පෙර දෙමුහුන් ආණ්ඩුවෙන් ඉවත් වී පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීප්රසන්න රණතුංග මහතා ආණ්ඩුවේ සිටින ශ්රී.ල.නි.ප ඇමතිවරුන්ට ප්රකාශකළේය.
ශ්රී.ල.නි.ප ආණ්ඩුවක් හදන බවට කටින් බතල සිටුවන්නේ නැතිව එය ක්රියාවෙන් ඔප්පු කිරීමට ඔවුනට තවමත් අවස්ථාව තිබෙන බවද රණතුංග මහතාපැවසුවේ මිනුවන්ගොඩ හොරම්පැල්ලේ හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂය පල නොකියා පළා බෙදත්දීත් ශ්රී.ල.නි.ප ඇමතිවරුන්ට කිසිදු විලිලැජ්ජාවක් නොමැතිව ඔවුන් සමග කටයුතු කරන බවත්, මේ තත්ත්වය යටතේ ඉදිරි ඕනෑම මැතිවරණයකදීඒකාබද්ධ විපක්ෂයට වෙනම තරග කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.