ශ්‍රී ලංකන් ගුවන්සේවය විකුණාදැමීමට ගෙන තිබූ තීරණය අවලංගු කර දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය පෞද්ගලික පොදු සමාගමක් ලෙස පවත්වාගෙන යාමටද රජය තීරණය කර ඇත.
වෘත්තීය සමිති , ශ්‍රීලංකන් ගුවන් සේවයේ රැකියාවල නියුතු පාර්ශ්ව හා රජයේ ආර්ථික උපදේශකයන් විසින් ලබා දුන් කරුණූ සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව පෞද්ගලික අංශයේ ප්‍රබල සමාගමක් තෝරාගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිතව ගුවන් සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑමටද එකඟතාවකට පැමිණ ඇත.