ශ්‍රීපාද පුදබිමට අපද්‍රව්‍ය බැහැර නොකරන්න
ශ්‍රීපාද පුදබිම හා ශ්‍රීපාද රක්ෂිතයට දිරා නොයන ප්ලාස්ටික්, පොලිතීන් වැනි ඝන අපද්‍රව්‍ය මුදාහැරීමෙන් වැළකී, ගෙනඑන එම අපද්‍රව්‍ය නැවත නල්ලතන්නියට ගෙනවිත් කසළ බැහැර කිරීමට ස්ථාපිත කර ඇති බඳුන්වලට බැහැර කරන ලෙස වන්දනාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නිය පාලම අසලදී ආරම්භ කර තිබේ.
වන්දනාකරුවන් විසින් රැගෙන එන දිරාපත් නොවන ඝන ද්‍රව්‍ය ශ්‍රීපාද රක්ෂිතයට මුදාහැරීම හේතුවෙන් රක්ෂිතයට හා පරිසරයට සිදුවන බරපතළ හානිය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වන්දනාකරුවන් දැනුවත් කරන අතර, ඔවුන් රැගෙන එන ඝන අපද්‍රව්‍ය නැවත නල්ලතන්නිය දක්වා රැගෙන ඒමට, අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කර ඇති රෙදිවලින් නිෂ්පාදිත බහලුමක් වන්දනාකරුවන්ට ලබාදීම සිදුකෙරේ.
මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
