ශ්‍රීපාද පූජා භූමියේ අයිතිය වෙනත් දිස්ත්‍රික්කයකට ලබාදීමට ඉඩ ලබා නොදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
සීමානිර්ණය කටයුතු කිරීමේදී ශ්‍රීපාද පූජා භූමිය නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වන බවට ඇතැම් පිරිස් ප්‍රකාශ නිකුත් කරමින් තිබෙන බවත්, එම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ශ්‍රීපාද පූජා භූමිය හා අඩවිය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බවත්, එහි කිසිදු වෙනසක් වීමට ඉඩ ලබා නොදෙන බවත් හෙතෙම පවසා සිටියේය.