මහියිංගනය ප්‍රදේශයේ රජයේ ඉඩම් නිසි ක්‍රමවේදයකින් තොරව තම හිතවතුන්ට බෙදා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදිම සඳහා ඌව පළාත් හිටපු මහ අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (10දා) පෙරවරුවේදී මහා පරිමාණ දූෂණ පිළිබඳ ජනපති කොමිසමට පැමිණියේය. පෙ.ව. 10.00 පටන් ඔහුගේ ප්‍රකාශ ලබාගමින් තිබේ. ජනපති කොමිසම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරීශ්‍රයේ පිහිටුවා තිබේ.