ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ශක්තිමත් සබඳතාව සඳහා තමගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය සංඥාවක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
සිය දෙවැනි ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (11දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම සිය ශ්‍රී ලංකා සංචාරය තුළදී ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු හමුවී සාකච්ඡා කරන බවත් එම සටහනේ දැක්වෙයි.