ශ්‍රී ලංකා වෛද්‍ය සභා භූමියේ තිබී සොයාගත් ජීව අත්බෝම්බය පිළිබඳව පොලීසිය වහාම පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රගතිය රටට හෙළිකරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ඉල්ලා සිටි බව මාලඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමව්පිය සංසදය සඳහන් කරයි.
පොලිස් පරීක්ෂණ සිදුකිරීමට පෙර සයිටම් විරෝධීන් මෙම සිද්ධියට සයිටම් නම ඈදා ගනිමින් සිටින බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ හරහා සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන අසරණ දරු දැරියන් දැඩි අසරණ තත්ත්වයකට පත්වන බවද හෙතෙම පැවසීය.