ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍ය ප්‍රමිතිය වෙනුවෙන් පෙනීසිටීම හේතුවෙන් 2002 වසරේ සිට මේ දක්වා වෛද්‍ය සභාවට හා සභාව නියෝජනය කළ පිරිස් වෙත ප්‍රහාර 07ක් එල්ල වී තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කරයි.
එහෙත් එම අවස්ථා 07දීම සිදුවූ ප්‍රහාරවලට නීතිය ක්‍රියාත්මක නොවූ බවත්, පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු පවා නිසිලෙස සිදුනොවන බවත් එම සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.