වෛද්‍ය රසායනාගාර ශිල්පීන්ට උපාධි හැදෑරීමේ අවස්ථාව උදාකරන බව වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන්ගේ 39 වැනි ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට සහභාගි වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගියදා සඳහන් කළේය.
අධ්‍යාපනය සහ පුහුණුව මගින් සමාජ සංවේදී සහ මානව ගුණාංගයන්ගෙන් හෙබි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සහතික කළ හැකි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදී ඩිප්ලෝමාධාරීන් බිහිකිරීම වත්මන් රජයේ බලාපොරොත්තුව බවද හෙතෙම පැවසීය.
ඩිප්ලෝමාධාරීන් ලෙස සේවය කරන පිරිස්වලට සුදුසුකම් මත විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව උපාධියක් ලබාගැනීමේ අවස්ථාව ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා විවෘත විශ්විවිද්‍යාලයෙන් වෛද්‍ය රසායනාගාර තාක්ෂණ උපාධිය හැදෑරීම සඳහා ඩිප්ලෝමාධාරීන්ට විශේෂ නිවාඩු ලබාදීමටද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පර්යේෂණ හා පුහුණු) සුනිල් ද අල්විස්, අධ්යක්ෂ (පුහුණු) දිලංක ධර්ම ගුණවර්ධන යන මහත්වරුද, අමාත්‍යාංශ නිලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.