වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම සී සාමාර්ථ දෙකක් හා එස් සාමාර්ථයක් බවට පත්කිරීම පිළිබඳව සිය විරෝධය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ තීරණ ගන්නා පූර්ණ බලැති ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා ඒ සම්බන්ධ සියලු විද්වත් ආයතන විසින් සලකා බැලිය යුතු අවම සුදුසුකම බී සාමාර්ථ තුනක් බවයි.
දේශපාලඥයන්ගෙන් පමණක් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩය එම සුදුසුකම අඩු කිරීම සිය සංගමය හෙළා දකින බවත් එම නිවේදනයේ වෙයි.
එසේම වෘත්තිකයන් විසින් ගත යුතු තාක්ෂණික තීන්දු දේශපාලඥයන් විසින් ගැනීම දිගින් දිගටම සිදුවන බවත් එය අතිශය ඛේදජනක තත්ත්වයක් බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.