ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක් සිදුකිරීම හේතුවෙන් හෙට (22දා) කිසිදු පෞද්ගලික වෛද්‍ය සේවාවක නිරත නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
හෙට දිනයේ පැය 24ක වැඩවර්ජනයක් දියත් කිරීමට කටයුතු කරන බවත්, එය උදේ 8.00 සිට 23 වන දින උදේ 8.00 දක්වා ක්‍රියාත්මක බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.