නුවරඑළිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක ඇයගේ නිල නිවසේදී අද (23දා) අබිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දිනුෂිකා හෙට්ටිආරච්චි (අවු.32) නමැත්තියකි.
එම රෝහලේම වෛද්‍යවරයෙකු සමග විවාහ වී සිටි ඇය, පසුව දික්කසාද වී තනිවම ජීවත්ව ඇති අතර, ඇය විෂ එන්නතක් ශරීරගත කරගැනීමෙන් සියදිවි හානිකර ගත්තාද යන්න පිළිබඳව පොලීසියේ අවධානය යොමුව තිබේ.
කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරිය නිවාඩු ලබා හෙට (24දා) දිනයේ රාජකාරි සඳහා වාර්තා කළ යුතුව තිබූ අතර, අද (23දා) නිල නිවසට පැමිණි ඇය නිල නිවසේ ඇඳමත අබිරහස් ලෙස මරණයට පත්ව සිටියදී සොයාගෙන තිබේ.