සයිටම් වසා දමන ලෙස ඉල්ලා හෙට (05දා) සියලුම වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වන බව වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සඳහන් කරයි.
මීට අමතරව හෙට සවස්වරුවේ සිදුකරන සියලුම පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ සාමාජික, ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.