ගල්නෑව - තඹුත්තේගම ප්රධාන මාර්ගයේ ඊයේ (100දා) සිදු වූ රිය අනතුරකින් තරුණයන් තිදෙනකු මිය ගොස් ඇතැයි ගල්නෑව පොලිසිය පවසයි.
අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් මුදුන්ගොඩ, 27 වැනි සැතපුම් කණුව අසල පිහිටි බුළු ගසක හැපී මෙම අනතුර සිදුව ඇත. යතුරු පැදියේ තිදෙනකු ගමන් කර තිබේ.
වේගය පාලනය කර ගත නොහැකි වූ යතුරු පැදිය මීටර 40 ක් පමණ මාර්ගයෙන් පිටතට පැණ මාර්ගය අයිනේ ගමන් කර ගසේ හැපී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ සියඹලන්ගමුව උස්ගල පදිංචි බී.එම් චතුරංග දිසානායක (22) , ප්රභාත් සම්පත් විමලදාස (18) හා කැළුම් සදමාල් හේරත් (18) යන තරුණයින් තිදෙනායි.
ඔවුන් තිදෙනා ගල්නෑව සිට තඹුත්තේගම දෙසට යමින් සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත.