පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් යැයි අගවමින් වංචනික පුද්ගල කණ්ඩායම් වෙළෙඳසැල් වෙත පැමිණ වෙළෙඳුන් බියගන්වා මුදල් එක්රැස් කරන බවට වු පැමිණිලි රැසක් ලැබී ඇති බව සභාපති රූම් මර්ෂුක් මහතා පැවසීය. කොළඹ, ගම්පහ, රත්නපුරය, කුරුණෑගල, මාතර වැනි නගරවලින් මෙම පැමිණිලි ලැබී තිබේ.
වැටලීම් සඳහා පැමිණෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සතුව ආයතනික හැඳුනුම්පත් සහ බලය පැවරීමේ ලිපියක් ඇත. අනන්‍ය තාවය තහවුරු කරන ලේඛන නොමැතිව වෙළෙඳසැල් පරීක්ෂා කිරීමට පැමිණෙන වංචනික පුද්ගලයින් පිළිබඳව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස සභාපතිවරයා වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් බව අගවමින් මිල දර්ශන සකසා වෙළෙඳසැල්වලට විකිණීමේ ව්යාාපාරයක්ද සිදුකරගෙන යන අතර, අධිකාරිය මගින් එවැනි මිල දර්ශන විකිණීමක් සිදුනොකරන බවද සභාපති රූමි මර්ෂුක් මහතා ප්රවකාශ කරයි. එවැනි පැමිණිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්රාමදේශීය කටයුතු නියෝජ්යග අධ්යපක්ෂ අසේල බණ්ඩාර මහතාගේ 0771088922 ජංගම දුරකථනයට ලබාදෙන ලෙසද සභාපතිවරයා දිවයින පුරා වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.