මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල්හි හෙට (18දා) දින සිදුකෙරෙන 09 වැනි සැමරුමට මේ වන විට සියල්ල සූදානම් කර ඇති අතර, එහි සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සංචාරයක නිරත විය.
වෙල්ල මුල්ලි වයික්කාල් සැමරුමේ පූර්ණ සංවිධාන කටයුතු සිදුකරනුයේ උතුරු පළාත් සභාව මගිනි. පළමු වතාවට එහි සංවිධාන කටයුතු වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද සහයෝගය ලබාදී තිබේ.
මේ අනුව වෙල්ලිමුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකය අසල සැරසිලි හා සංවිධාන කටයුතුවල නිරතව සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හමු වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා එම සිසුන් සමග සාකච්ඡාවක නිරත වූයේ හෙට දිනයේදී යුද්ධයේදී මිය ගිය ජනතාව වෙනුවෙන් සිදුකරන සැමරීම කුමන අකාරයකට සිදු කරන්නේද යන්න පිළිබඳවය.