වෙල්ලමුල්ලි වෛයික්කාල් සැමරුම් ගැන රජය අවධානය යොමු කළ යුතුයි
එළඹෙන මැයි 18දා දෙමළ ජාතියේ සංහාර දිනයක් වශයෙන් නම් කර ශෝක දිනයක් කළයුතු යැයි උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ ඇමතනී ආනන්දි සෂිදරන් මහත්මිය ප්‍රකාශ කර ඇති බවත්, ආනන්දි සෂිදරන්ගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පළාත් සභාවේදී සලකා බලන බවට පළාත් සභාවේ සභාපති කේ.ශිවඥානම් මහතා ප්‍රකාශ කර ඇති බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රටේ ජාතික ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ වගකිව යුත්තන් එළඹෙන මැයි 18 වනදා උතුරු පළාතේත් වෙල්ලමුල්ලි වෛයික්කාල්හිදීත් කිරීමට නියමිත සමරු වැඩසටහන් පිළිබඳ ප්‍රමාණවත් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම නිවේදනය නිකුත් කරමින් ඒ මහතා ඉල්ලා සිටියි.
එහිදී ගෙවීගිය වසර කිහිපය තුළ එම දිනය සිහිපත් කිරීමේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු වී ඇති බවත් සම්මුතිවාදී ආණ්ඩුවේ ලිහිල් ප්‍රතිපත්ති එයට හේතුවන්නට ඇති බවත් මෙම සැමරුම් පිටුපස තම මියගිය ඥාතිමිත්‍රාදීන් සිහිපත් කිරීමට වඩා එහා ගිය බෙදුම්වාදී, ඊළාම්වාදී දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති බවත් මෙම දිනය සිහිපත් කිරීම හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් එහි මතවාදයට හා දර්ශනයට යම් උත්තේජනයක් සපයන බව ඉතා පැහැදිලි වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


