දොඩම්දූව හෙන්නතොට ප්රදේශයේදී අද (05දා) සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද අදහවල් මෙම වෙඩි තැබීම සිදු කොට පලාගොස් ඇති බවට තොරුතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
නාරම්මල ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මෙම සිද්ධියට මුහුණ පා තිබේ. ඔහු වෙල්ඩින් වැඩ සඳහා හික්කඩුව ප්රදේශයට පැමිණ සිටි ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු ප්රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත. හික්කඩුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.