වෙනසක් නැතිව වරායට බෝනස්
මේ වසරේ ප්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය කිසිඳු වෙනසකින් තොරව සියලුම සේවකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර තිබේ. අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එම තීරණයට එළැඹි බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය ප්‍රසාද දීමනාව ගෙවනුයේ අප්‍රේල් සහ දෙසැම්බර් ලෙස වාරික දෙකකිනි. එම පදනම මත පසුගිය වසරේදී (2015) එම අධිකාරිය එක් සේවකයකුට එක් වාරිකයක් සඳහා ගෙවූ මුදල රුපියල් 30, 088 ක් විය. කෙසේනමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මේ වසරේ ප්‍රසාද දීමනාවේ අපේ‍්‍රල් වාරිකයේදී එක් සේවකයකු සඳහා ගෙවණු ලැබුවේ රුපියල් 25, 943 කි. ඒ අනුව පසුගිය වසරේ අපේ‍්‍රල් වාරිකයට සාපේක්ෂව මේ වසරේ අපේ‍්‍රල් වාරිකයේදී අඩු වූ මුදල එක්වරක් පමණක් ගෙවනු ලබන විශේෂ දීමනාවක් ලෙස පසුව සියලුම සේවකයින්ට ලබා දිණ. කෙසේ නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අද පැවසුවේ, මේ වසරේ ප්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය එවැනි වෙනස්වීම්වලට ලක් නොකරන බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලබා දුන් රුපියල් 30, 088 ක මුදලම මේ වසරේ දෙසැම්බර් වාරිකය ලෙස ලබා දෙන බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
