නායයෑමට ලක්වූ කොත්මලේ, වෙදමුල්ල වතුයායේ පදිංචි ජනතාව වෙනුවෙන් නව නිවාස 19 ක් ඉදිකිරීමට ඔක්තෝබර් මස 06 වැනිදා මුල්ගල් තබන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරම් මහතා සඳහන් කළේය.
එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් වියදම් කර තිබෙන බවත්, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත වෙදමුල්ල වතුයායේ ආරක්ෂිත භූමියක මෙම නිවාස 19 ඉදිකරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
නායයාම සිදුවනතෙක් බලානොසිට නාය යෑමට අවදානමට ලක්ව ඇති ප්‍ර‘දේශවල නිවාස සකස් කරගෙන සිටින පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද දිගම්බරන් මහතා සඳහන් කළේය.