රත්ගම ප්රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා ඊයේ (24දා) රාත්රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ. හික්කඩුව වෑවල ප්රදේශයේ හෝටලයකදී නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර, තුවාල ලැබු තවත් පුද්ගලයින් දෙනෙකු මේ වනවිට කරාපිටිය ශික්ෂිණ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.