ජනතා වරමක් දුන් ආණ්ඩුවක් වෘත්තීය සමිති එක්ක එකතු වෙලා පෙරළිය නොහැකි බවත්, ජනතා වරම ලබාදී ඇත්තේ වැඩ කිරීමට වන අතර, එයට වෘත්තීය සමිති බලය යොදවන එකට විරුද්ධ වෙනවා පමණක් නොව, තදින් ක්රියාකරන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා (06) දා බදුල්ලේදී පැවසීය
හෙතෙම මේ බව පවසා සිටියේ, බදුල්ල ඔනික්ස් හෝටලයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්රික් ක්රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා,
"දැන් මම අහන්නේ ජනතාව 2015 වරමක් දුන්නා මෛත්රීපාල සිරිසේන ජනාධිපති කරන්න. පාර්ලිමේන්තු ඡන්දය තුළ ජාතික ආණ්ඩුවක් ඇති කරන්න ගෙනාවේ මේ රටට විසඳුමක් ලබලා දෙයි කියලා. දැන් මේ ආණ්ඩුව ගියොත් මොකද වෙන්නෙ. දැන් අපි හරියට මැද ඉන්නේ.මේ රටේ විශාලම ණය උගුලෙන් එළියට එන එක තමයි කරන්නෙ. ඒගොල්ලො ණය අරගෙන ණය ගෙවන්න බැරිවීම ඡන්දයට යන්න හේතුවක් වුණා.
මහින්ද රාජපක්ෂ ඒ හිටපු ජනාධිපතිතුමා, ලෝකය එක්ක ගහගෙන හිරවෙලා මොකක්වත් සහනයක් නැතිව සිටි නිසා 2015 ආපහු ඡන්දයට ගියේ. 2015 වෙනකොට ජිනීවාවල හිරවෙනවා. 2015 වෙනකොට ණය අරගන්න බැරි වෙනවා. ඒක දැනගෙන මම 2013 කිව්වම 2014 ආණ්ඩුව වට්ටනවා කියලා ඔක්කොම හිනාවුණා. ඉතින් කොහොමහරි ආණ්ඩුවක් ඇති කළානේ අපි.
ප්රථම වතාවට එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අපෙක්ෂකයා කළා. රටේ ප්රශ්න විසඳන්න ජේ.වී.පී - ටී.එන්.ඒ. ඔක්කොම එකට එකතු වුණා. මේ අවුරුදු දෙකේ සතයක් හොයාගන්න බැරි වුණු මහින්ද රාජපක්ෂ වෙනුවට කොහොමහරි රටේ දළ දේශීය අදායම වැඩිකළා. දැන් එන අවුරුද්දේ තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කෝටි අනූහයදාහක් ගෙවන්න. ඒ රුපියලේ ණය විතරයි කෝටි අනූහයදාහක් ගෙවන්නෙ. ඉතින් මේ කෝටි අනූහයදාහා ගෙවන්න බැරි නිසානේ ඡන්දය තිබ්බේ. අපි හෙට ගියා කියලා කවුද ඒවා ගෙවන්න ඉන්නෙ."
බදුල්ල - පාලිත ආරියවංශ/ඇල්ල - ප්රසාද් රුක්මාල්