අද (10දා) පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් බොහෝ පිරිසක් සහභාගි නොවනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුරාධපුරයේ රැලිය සඳහා බොහෝ මැති ඇමතිවරුන් සහභාගීවීමට නියමිත බවත්, අද දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් වැඩි වශයෙන් සහභාගි වනු ඇති බවත් ශ්‍රීලනිප ඇමතිවරයෙක් පවසා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ සිට බැඳුම්කර කටයුතු සිදුවූ ආකාරය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කිරීමට අගමැතිවරයා සැලසුම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.