කොරියානු ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමට අනුව පවත්වන විභාගයට අමතරව විශේෂ කොරියානු ධීවර අංශයේ විභාගයක් හෙට (28දා) කොළඹ 10 අශෝක විද්‍යාලයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවට පමණක් පවත්වන මෙම විභාගයේ අයදුම්පත් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂ දැනුම් දීමෙන් නිකුත් කර ඇත. සැසි දෙකකින් පවත්වන මෙම විභාගයේ සියලුම විස්තර www.slbfe.lk දරණ කාර්යාංශ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මෙම පරීක්ෂණය සඳහා සහභාගීවන්නන් ගුවන් ගමන් බලපත්‍රය අනිවාර්යෙන් රැගෙන පැමිණිය යුතු අතර, ජංගම දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ විභාග ශාලාවට රැගෙන ඒමට අවසර දෙනු නොලැබේ.