ADA
www.ada.lk
2025 ජුනි මස 25 වන බදාදා
මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා නව සිතුම් පැතුම් සමඟ නව වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ක්ෂේත්රයේ පරිපාලනය සහ කළමණාකරනය ප්රතිසංවිධානයකට ලක්විය යුතු බවද ජනාධිපවරයා පැවසුයේ ඊයේ (20) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති අග්නිදිග විශ්ව විද්‍යාලයේ 2016 වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.
අදට වඩා හොඳ හෙට දවසක් දැයේ දරුවන්ට උරුමකරදෙමින් අන්තර්ජාතික වශයෙන් පවතින තරඟයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මෙන්ම පාසල් අධ්‍යාපනයට අවශ්‍ය සියලූ පහසුකම් නොඅඩුව ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත්රය ශක්තිමත් කරන බවද ජනාධිපති සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
විශ්ව විද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, අග්නිදිග විශ්ව විද්‍යාලයේ කුලපති ආචි මොහොමඩ් ඉෂාක්, උපකුලපති එම්.එම්. නජීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ට්‍රම්ප් මේක ආරම්භ කළා අපි මේක අවසන් කරනවා
නව භාණ්ඩාගාර ලේකම්ගේ ’පැටිකිරිය’ මෙන්න
පොලිස් ලොක්කෙකුගේ එළවළු වගාවක් නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් පීඩාවට?
ට්‍රම්ප්ගෙන් ඊශ්රායෙලයට අනතුරු ඇඟවීමක්
ඊශ්රායෙලයට ඔත්තු බැලූ පුද්ගලයන් තිදෙනෙක් එල්ලා මරා දමයි
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd