විවෘත විශ්වවිද්‍යාලයේ අත්තනෝමතිකව ඉහළ දැමූ ගාස්තු පහළ දමන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාලයේ සිසුහු අද (26දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර අදට දින සියයක් ගත වුවද, මෙතෙක් කිසිම ප්‍රතිඵලයක් නොලැබීම හේතුවෙන් මෙලෙස උද්ඝෝෂණයක් පැවැත්වීමට හේතු වී තිබේ.
තම ගැටලුවට විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩවම අරගලයේ යෙදෙන බව විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අමිල සඳරුවන් පැවසීය.