හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (01දා) පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභවේ මෙහෙයුම් කාරක සභාවේ අතුරුවාර්තාවේ විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කළ බව ඒකාබද්ධ විපක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන්දීය සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා ඊයේ දිවයිනට පැමිණි අතර,ඒ මහතා ගුවන්තොටුපළේ සිට කෙළින්ම පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ විවාදයට එක්වීමට බවද එම ආරංචිමාර්ග පවසයි.
අදහස් දැක්වීමට හිටපු ජනාධිපතිවරයාට දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුවීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, පියල් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ඒ සම්බන්ධයෙන් කථානායකවරයා හමුවී විරෝධය ප්‍රකාශ කර ඇත.