විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිආරක්ෂිතයට අයත් ප්‍ර‘දේශයේ අක්කර දහස් ගණනක භූමි ප්‍ර‘දේශවල සිදු වී ඇතැයි කියන නීතිවිරෝධී හෙළි පෙහෙළිකිරීම් සහ සිදුකර ඇති නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දන්වන ලෙසට ඊයේ (16දා) අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත මලල්ගොඩ මහතා මෙම නියෝගය සිදු කළේ පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු පාර්ශ්ව ගණනාවක් නම් කොට තිබුණි.
මෙම පෙත්සම යළි කැඳවීම ඔක්තෝම්බර් මස 07 දාට කල් තබන ලදී.