විල්පත්තු ගැටලුව විසඳන්න විශේෂ කමිටුවක්
විල්පත්තු ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා විසින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
බවමරිචිකට්ටි මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දින 43ක් තිස්සේ සත්‍යග්‍රහයේ නිරත වැසියන් ඊයේ (08දා) සවස හමුවෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ඒ අනුව සියලුම මුස්ලිම් නායකයන් මේ මස (13දා)ජනාධිපතිවරයා සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන බවත් ඒ තුළින් ගැටලුව විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. මේ හේතුවෙන් සත්‍යග්‍රහය තාවකාලිකව නවතා දැමීමට එම වැසියන් එකඟවූ බව අමාත්‍යවරයා පවසා සිටියේය.
ජනාධිපතිවරයා විසින් රුසියාවේ මොස්කව් නුවරදී පසුගිය මාර්තු (26දා) විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර හතරක් එක් සංරක්ෂිත වනාන්තරයක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනයකට අත්සන් තැබූ හෙයින් එයින් තම මුල් ඉඩම් අහිමි වන බව පවසමින් එම ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් මෙම වැසියෝ මාර්තු ( 28දා) සිට සත්‍යග්‍රහයේ නිරත වෙති.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ජාතික සමගි පෙරමුණේ නායක අසාද්සාලි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

