විල්පත්තු අභය භූමිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන ඇති දැඩි තීන්දුව යුද්ධයෙන් විපතට පත් මුස්ලිම් හා සිංහල ජනතාව එහි යළි පදිංචි කරවීමට කිසිදු බාධාවක් වී නොමැති බවත්, කුමන චෝදනා එල්ල වුවත් ආණ්ඩුව අතහැර නොයන බවත් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් පැවසුවේය.
විල්පත්තු අභය භූමිය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු පිළිබඳ අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ‘‘විල්පත්තු රක්ෂිතය විනාශ කොට නොමැති බව ජනාධිපතිවරයා පිළිගෙන තියෙනවා. විවිධ පිරිස් හා ජනමාධ්‍ය මම අක්කර දාහත්දහසක් එළිකොට මුස්ලිම් ජනතාව පදිංචි කොට ඇති බව පැවසුවත්, යුද්ධයෙන් විපතට පත්වූ මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලිම් පවුල් ලක්ෂයක් පමණ හා සිංහල පවුල් හතළිස් දහසක් පමණ යළි පදිංචි කිරීමට පියවර අරන් තියෙනවා.
ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති නීතිරීති කිසිවක් මම උල්ලංඝනය කොට නැහැ. මන්නාරම් දිසාපතිවරයා සිංහල බෞද්ධ පුද්ගලයෙක් බැවින් බලහත්කාරයෙන් මුස්ලිම් පවුල් එම දිස්ත්‍රික්කය තුළ පදිංචි කිරීමට එතුමාගෙන් ඉඩක් ලැබෙන බව කවරෙකුටවත් විශ්වාස කරන්න බැහැනේ.
බොහෝ පිරිස් විලපත්තු ලෙස සමස්ත භූමියම හඳුන්වනු ලැබුවත් ඊට මන්නාරම දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් අයත් වෙනවා. මුස්ලිම් හා සිංහල ජනතාව යළි පදිංචි වී සිටින්නේ අභය භූමියට අයත් නොවන ප්‍රදේශයේයි. යුද සමයේදී මන්නාරම දිස්ත්‍රික්කයෙන් එල්.ටී.ටී.ඊ.ය විසින් පළවාහරින ලද සිංහල හා මුස්ලිම් පවුල් එම පළාතේම යළි පදිංචි නොවී වෙන කුමන පළාතකද පදිංචි වෙන්නේ? දේශපාලන හා වෙනත් ජාතිවාදී ආකල්ප හා වාසි මත ගෙනයන මෙම ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයි.
ජනාධිපතිවරයා විල්පත්තු අභය භූමිය සම්බන්ධයෙන් ගන්නා ලද දැඩි තීන්දුව නිසා මම රජය අතහැර අමාත්‍ය ධුරයෙන්ද ඉවත් වන බවට ජනමාධ්‍ය තවත් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනවා. නමුත් මේ යහපාලන රජය නිර්මාණය කිරීමට මා මෙන්ම පක්ෂය ජීවිත අවදානම පවා නොතකා ගත් උත්සාහයේ ප්‍රතිඵලයක්. මේ ඒ නිසා අසීරුවෙන් නිර්මාණය කරගත් රජය අතහැර යාමට කිසිදු අවශ්‍යතාවක් හෝ ගැටලුවක් පැන නැගී නෑ” යනුවෙනි.