කොළඹ ජාතික රෝහල අසලින් ආරම්භ කරන ලද විරෝධතා පාගමන අද (07දා) දහවල් මරදාන සුදුවැලුල පාර, මරදාන හංදිය, ටෙක්නිකල් හංදිය හරහා කොළඹ කොටුවට පැමිණීමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ හේතුව නිසා මේ වන විට සුදුවැල්ල පාර මරදාන හා කොළඹට ඇතුළු වන මාර්ගය අවහිර වී ඇති බැවින් එම අවහිරතාවය අවම කිරීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.