සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුලු සරසවි සිසුන් අටදෙනා ඇප මත මුදා හැරීමට අද (19දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.
ඒ අනුව අදාල සරසවි සිසුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කරන ලදී.
මේ අනුව මෙම නඩුව ලබන ජූලි 21 වනදා නැවත විභාග කිරීමට නියමිතය.