සියයට හයක ප්රතිශතයක පවතින විරැකියා ගැටළුවට විසඳුම් සෙවීමට නව අමාත්‍යංශය තුළින් කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අද පෙරවරුවේ තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
''සමස්ත ජනගහනයෙන් 6% ක ප්‍රතිශතයක් වන විරැකියාව අවුරුදු 20- 30 ත් අතර වයස් කාණ්ඩ වලට අදාළව ගත්විට 20% ක තරම් ප්‍රතිශතයක් වෙනවා. ඒ නිසා සංවර්ධිත රටක් ගොඩනැගීමට නම් ඒ අභියෝගය ජය ගැනීමට අපට සිදුවෙනවා. නව අමාත්‍යංශයේ කටයුතු වෙනුවෙන් සංකල්ප පත්‍රිකාවක් සකස්කොට පස් අවුරුදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වෙමින් වර්ෂයෙන් වර්ෂය ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වෙනවා'' යැයිද අමාත්‍යවරයා පැවැසීය.