පවතින වියළි කාලගුණ තත්ත්වය මේ මස 10 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
මේ මස 10 වැනිදා සිට වැසි තත්ත්වය අපේක්ෂා කරන බවත්, 10 වැනිදා සිට වැසි ඇති වුවහොත් දින හතරක් පහක් වැසි ඇති විය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන ප්‍රේමරත්න මහතා කියා සිටියේය.
මෙම කාලය තුළදී උතුරු නැගෙනහිර හා බස්නාහිර ප්‍රදේශවලට වැඩි වශයෙන් වැසි අපේක්ෂා කරන බවද හෙතෙම පවසා සිටියේය.