දිස්ත්‍රික්ක හයක පුද්ගලයන් 339966ක් වියළි කාලගුණයේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, මුලතිව්, මන්නාරම හා වව්නියාව වැනි දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව ඇත.
මෙයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ වන අතර පවුල් 67095කට අයත් පුද්ගලයන් 217062ක් පීඩාවට පත්ව ඇත.