ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත විජේසේකර මහතා අද (01දා) පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක් විය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ත්රිකුණාමල දිස්ත්රික් සංවිධායකවරයෙකු ලෙස ඒ මහතා පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. ඒ මහතා මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ක්රියාකාරී දේශපාලනයේ නිරත විය.