අසත්‍ය තොරතුරු ඇතුළත් කර රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබාගන්නා ලදැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත්කොට සිටින හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය රෝගී තත්ත්වයෙන් පසුවන බව නීතිඥ සංජය ගමගේ මහතා මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඊයේ (26දා) දැනුම් දුන්නේය.
ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳ කරුණු දැනුම් දී ඇයට ඇප ලබාගැනීම සඳහා කරුණු දැක්වීමට මෙම නඩුව අද (27දා) දින උසාවිය හමුවේ කැඳවන්නැයි නීතිඥ සංජය ගමගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව අද (27දා) කැඳවීමට මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාගේ උපදෙස් මත නීතිඥ සංජය ගමගේ මහතා මෝෂමක් මගින් කරුණු දැනුම්දෙමින් මෙම ඉල්ලීම කළේය. ඒ අනුව ලබන මස 05 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කළ ශෂී වීරවංශ මහත්මිය අද (27දා) දින උසාවියට ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණි.