මෙවර පැවැත්වෙන සාමාන්‍ය‘ පෙළ විභාගයට අදාළ ප්‍ර‘වේශ පත්‍ර‘යේ ගැටලුවක් තිබේ නම් ඒ පිළිබඳව වහාම විභාග දෙපාර්තමේන්තුවට දන්වන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. 0112 784208, 0112 784537, 0113 188350, 0113 140314 දුරකථන අංකවලට මෙම දැනුම්දීම සිදුකළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මේ මස 12 වන දින සිට 21 වන දින දක්වා පැවැත්වෙන විභාගයේදී විභාග මධ්‍යස්ථාන තුළට ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ රැගෙන ඒම සපුරා තහනම් බවද හෙතෙම පවසා සිටියේය. මෙම නීතිය උල්ලංඝනය කළහොත් විභාග ප්‍රතිඵල අවලංගු කර වසර 05ක විභාග තහනමක් පනවන බවද කොමසාරිස් ජනරල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.