ADA
www.ada.lk
2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා
මෙම වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය දැවැන්ත හැරවුමකට ලක්කරන බවත්, ඒ අනුව පාසල් අධ්‍යාපනයට අදාළව ප්‍රතිසංස්කරණ රැසක් මේ වසර තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
හෙතෙම මේ බව පැවසුවේ, 2017 වසර සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවයට අද (05දා) කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේදී එක්වෙමිනි. අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වසරේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.
එමෙන්ම 2017 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී චක්‍රලේඛ අනුව කටයුතු සිදුනොකරන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බවත්, දේශපාලන සම්බන්ධතා හෝ හිතවත්කම් මත කිසිවෙකුට විශේෂත්වයක් නොදක්වන බවත් ඔහු කියා සිටියේය.
ඉදිරියේදී තෝරාගත් විෂයයන් කිහිපයක් සඳහා ඉලෙක්ට්‍රොනික් පෙළපොත් සකස් කිරීමට නියමිත බවත්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන සියලු පෙළපොත්වල මෘදු පිටපත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ හැකියාව සලසා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
popular news
දකුණෙන් ඇවිත් මහනුවර දිනූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් සමුගනියි
කල්පිටියේ පොහොට්ටු මන්ත්‍රී පරණ පුරුදු වැඩ කරන්න ගිහින් පොලිස් කූඩුවේ
ලන්ඩනයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් වැඩ අරඹයි
රත්මලාන හා යාපනය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඩේවිඩ් පීරිස් සමාගමට අවසර
පුත්තලම නගරාධිපති නිතරගෙයෙන් මාලිමාවට
පොල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd