සාමාන්‍ය පෙළ භාගය අවසන් වීමෙන් පසු කලහකාරී ලෙස හැසිරෙන සියලුම දෙනාගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ නිසා විභාගය අවසන් වූ පසු සියලුම දෙනා සාමකාමීව නිවෙස්වලට යා යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (21දා) අවසන් වේ. කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවද විභාග කොමසාරිස්වරයා පවසයි.