විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම විහිළුවක්
රටේ ජනතාවට ශත පහක වටිනාකමක් නැති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස අද දවසේ කෑමොර දෙන එක් අයෙකු ධුර කාල දෙකක් විධායක ජනාධිපතිකම දරා තිබෙන බවත්, අනිත් කෙනා විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමට ඡන්දය ලබාදුන් කෙනෙකු බවත්, මේ නිසා විපක්ෂය හෝ පොදු අපේක්ෂකයා සඳහන් කරන විධායක ක්‍රමය අහෝසි කිරීමේ කතාව විහිළුවක් වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
දෙපාර්තමේන්තුවකට අයත් සුළු කෙටුම්පතක්වත් සම්මත කරගැනීමට විධායකයට බලයක් නොමැති බවත්, එවැනි තත්ත්වයක් ඇති විධායකයේ බලතල අහෝසි කරන ලෙසට පොදු අපෙක්ෂකයෙකු තෝරාගැනීමට එකතු වී සිටින කණ්ඩායම නියෝජනය කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසීම විහිළු සහගත බවත් එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.
විධායක බලය අහෝසි කරන ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අද දවසේ ඉල්ලා සිටියද ඇය ධුර කාල දෙකකදී විධායක ජනාධිපතිවරියක ලෙස රට පාලනය කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ
අද දවසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙසට ඉල්ලා සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය ඇතිකරන විට එයට සහයෝගය දැක්වූ බවයි. මේ අනුව හදිසියේම මෙම දෙදෙනා විධායක බලතල අහෝසි කරන ලෙසට සටන් පාඨයක් ගෙනඒම ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයට වාසි ලබාගැනීමට ගෙන ආ දෙයක් යැයි හෙළි වී තිබෙන බවත්, එහෙත් ඒ කිසිදු පාඨයකින් වර්තමාන ජනාධිපතිවරයා පරාජය කිරීමට නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
රටේ ඉදිරි තත්ත්වය බලා විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවත්, එහෙත් රටේ ජනාතව කිසි දවසක විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

