විපක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ එජාප තීන්දුව හෙට
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන විපක්ෂයේ අපේක්ෂකයා කවුද යන්න හෙට (21දා) රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
පොදු අපේක්ෂකයා හොඳ වුවත් විපක්ෂයේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂය සතුවන බවත්, මේ නිසා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව පොදු අපේක්ෂකයා තෝරාගැනීමේදීත් එම නම් කිරීමේ බලය එක්සත් ජාතික පක්ෂය සතුවන බවද පවසා සිටියේය.
පොදු අපේක්ෂකයා වශයෙන් නායකත්ව මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නම බාහිරව යෝජනා වී තිබුණත්, එක්සත් ජාතික පක්ෂය තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවත්, පක්ෂයේ සියලුම තීන්දු තීරණ ගනු ලබන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවද මහලේකම්වරයා සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය ඡන්ද පොළ මට්ටමේ දැනුවත් කිරීම ආරම්භ කර තිබෙන බවත්, මේ නිසා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනා අපේක්ෂකයා කවුද යන්න කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව හෙතෙම පැවසුවේය. එම තීරණයට අනුව ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

