අධිකරණ විනිසුරුවන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ වැටුප් හා දීමනා 2018 වසරේ ජනවාරි මස 01දා සිට වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අධිකරණ විනිසුරුවන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් විසින් ඉටුකරනු ලබන කාර්යභාරය හා ඔවුන් විසින් උසුලනු ලබන වගකීම් සැලකිල්ලට මෙම වැටුප් වැඩිකිරීම සිදුවෙයි.