වින්දිතයන්ට හා චූදිතයන්ට ආරක්ෂාව සැලසීමේ පනත සම්මතයි
වසර හතකට ඉහත පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් වූ, එහෙත් සම්මත කරගැනීමට නොහැකි වූ අපරාධයක වින්දිතයන්ට හා චූදිතයන්ට ආරක්ෂාව සැලසීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙය ප්‍රථම වතාවට 2008 වසරේදී විවාදයට ගනු ලැබූ අතර, එහෙත් සම්මත නොකොට කල් දමන ලදී.
එහෙත්, ඊට පසුව යළි එය ගෙනඒමට විවිධ උත්සාහ ගත් නමුත් එසේ කිරීමට නොහැකි විය.
නව ආණ්ඩුව යටතේ ඊයේ (19දා) සම්මත කළ මෙම පනතේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ අපරාධයක වින්දිතයන්ට හා චූදිතයන්ට නීතිමය ආරක්ෂාව සැලසීමයි. පනත ප්‍රකාරව එවැනි පුද්ගලයන්ට බලපෑම් හා හිරිහැර කරන අයට නීතිය ඉදිරියේ දඬුවම් පැමිණවිය හැක.
පනත ඉදිරිපත් කරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ මෙය දිගු කලක් රටේ පැවැති අවශ්‍යතාවක් බවයි. විශේෂයෙන්ම රට තුළ අපරාධ නඩුවලින් 96%ක්ම අහක යන බව කී ඔහු එම තත්ත්වයන් පාලනයට නව පනත ඉවහල් වනු ඇති බවද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

